Wednesday, October 14, 2015



පෙර දිනෙක රාත්‍රියෙ
 වෙඩි වැදුණු හඳපාන
 තවම නුබ ගැබ ඉඳන්
 කඳුළු සලනවා ඇති


කටු පඳුරු අතර හිඳ
 පිපෙන්නට වෙර දැරූ
 මල් කැකුළු වල පැතුම්
 තවම තියෙනවා ඇති


කාස්ටක සුවඳ මුසු-වැලි කතර කොනක තව
 කුංකුමං පොට්ටුවක්-පිච්ච මල් ගෙත්තමක්
 අලුත් හිරු එන තුරා
 තවම මග බලනවා ඇති


තල් අරණ මුදුනතේ
 පිපුණු තල් මල් සුවඳ
 දෙවුන්දර තුඩුවටත්
 දැනෙනව ද දන්නේ නැති




-රිද්ම එරංග-

Thursday, October 1, 2015

නීතියේ සොඳුරු රුවැති යුවතිය
දෑස් වසා සිටී උපන් දා සිට
අතෙකින් කඟපතක් ද
අතෙකින් තුලාවක් ද ගෙන
කිරා මැන පසිඳලන්නට යුක්තිය.....
          **********************
බොහෝ කලෙක සිට දැන්  ඇය
ගැබ්බරව ඇත


කවුරුන් වේ ද ඒ දරු?
කවුරුන්ගේ ද ඒ දරු?
කෙසේ හෝ දැන් ඇය මවකි....






-රිද්ම එරංග-